චීන ජනාධිපතිවරයාගේ ඓතිහාසික වැදගත්කමකින් යුතු නිල චාරිකාව
2022-09-17 17:25:15
Share with:

චීන ජනාධිපතිවරයාගේ නිල චාරිකාව ඓතිහාසික වැදගත්කමකින් යුතු බව චීන විදේශ අමාත්‍යවරයා කියාසිටී.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉකුත් 14 වැනිදා සිට 16 වැනිදා දක්වා උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නගරයේ පැවති ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍යනායක කවුන්සිලයේ 22 වැනි රැස්වීමට සහභාගි විය. ඉන් අනතුරුව කසක්ස්ථාන හා උස්බෙකිස්ථාන ජනාධිපතිවරුන්ගේ ආරාධනාවන්ට අනුව, හෙතෙම එම රටවල නිල සංචාරයන්ට එක්විය.

නව කොරොනා වසංගතය පැතිරීමෙන් පසු ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වූ පළමු සංචාරය මෙය වන අතර, ඓතිහාසික අවස්ථාවකදී සිදුවූ ඊට සන්ධිස්ථානගත වැදගත්කමක් හිමිවන බව  චීන විදේශ ඇමති වං යී මහතා පෙන්වාදෙයි.

මෙම දෙදින චාරිකාව අතරතුර ෂී ජින්පිං මහතා ක්‍රියාකාරකම් 30කට ආසන්න ප්‍රමාණයකට සහභාගි වී සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත්විය. මෙම සංචාරය ශංහයි සහයෝගිතා සංවිධානයේ නව වර්ධනය ඉදිරියට ගෙනයමින්, චීනය අදාළ රටවල් සමඟ  පවත්වන සබඳතා ඉහළ තලයකට රැගෙන ගොස් ඇතැයි ද වං යී මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම