චීන විදේශ අමාත්‍යවරයා ජගත් මහා මණ්ඩල සැසිවාරයේ පොදු විවාදයට එක්වෙයි
2022-09-17 19:54:44
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික  හා විදේශ අමාත්‍ය වං යී මහතා හෙට (18) සිට 25 වැනිදා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරයේ පොදු විවාදයට සහභාගි වෙයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය අද (17) මේ බව ප්‍රකාශ කළාය. ‍

මේ අතර, "ගෝලීය සංවර්ධන මුලපිරීමේ" මිත්‍රත්ව  කණ්ඩායමේ අමාත්‍ය සමුළුවේ මුලසුන දරන වං යී මහතා, බ්‍රික්ස් විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම, චීන- ලතින් ඇමරිකානු පොදු හවුලේ විදේශ අමාත්‍ය සංවාදය සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන්ගේ සාමූහික රැස්වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසකට සහභාගි වනු ඇත.

වං යී මහතා,  එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ සභාපතිවරයා මෙන්ම විවිධ රටවල නියෝජිත කණ්ඩායම් ප්‍රධානීන් හා විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පවත්වනු ඇත.

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම