චීනයේ "අපේක්ෂා කළ තත්ත්වයට වඩා යහපත්" ආර්ථික ප්‍රකෘතිය ලෝකයට ශුභ ආරංචියකි
2022-09-17 14:32:36
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ (16) නිකුත් කළ දත්තවලට අනුව චීනයේ ජාතික ආර්ථිකය අගෝස්තු මාසයේදී අඛණ්ඩව යථා තත්ත්වයට පත් වූ අතර, ප්‍රධාන දර්ශක සමස්තයක් ලෙස වැඩිදියුණු විය.

විදෙස් මාධ්‍ය විස්තර කරන්නේ අගෝස්තු මාසයේදී චීනයේ ආර්ථික ක්‍රියාකාරිත්වය “අපේක්‍ෂාවන්ට වඩා” සහ “අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා යහපත්”බවයි. එම මාසයේදී චීනය අත්කර ගත් ආර්ථික ජයග්‍රහණ පහසුවෙන් සාක්ෂාත් වූවක් නොවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

 ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු නව විස්තීර්ණ අධ්‍යයනයකට අනුව, උද්ධමනය මැඩපැවැත්වීම සඳහා මහබැංකු පොළී අනුපාත ඉහළ නැංවීමත් සමඟ 2023 වසර වනවිට ලෝකය ගෝලීය අවපාතයකට ගමන් කරනු ඇති. ජුලි මස අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය වර්ධන ඉලක්ක පිළිබඳ පුරෝකථන තවදුරටත් පහත හෙළීය.

එවන් පුළුල්ව පැතිරුණු අශුභවාදී තත්ත්ව හමුවේ පවා, චීනයේ නොනවතින උත්සාහයන් සහ කැපීපෙනෙන ජයග්‍රහණ තම ආර්ථික සංවර්ධනය පමණක් නොව, ලෝක විශ්වාසය ද ඉහළ නංවා ගෝලීය ආර්ථික ප්‍රකෘතියට මනා ලෙස දායක වී තිබේ .

2013 සිට 2021 දක්වා සාමාන්‍යයෙන් ගෝලීය ආර්ථික වර්ධනයට සියයට 30 කට වඩා වැඩි දායකත්වයක් චීනය ලබා දී ඇති අතර, එය ලෝකයේ පළමු ස්ථානයට පත්ව ඇතැයි  චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් පෙන්වා දී ඇත.

     කාලයාගේ ඇවෑමෙන් චීනය එක්රැස් කර ඇති ද්‍රව්‍යමය පදනම, විශාල වෙළඳපොළ සහ චීන ජනතාවගේ විශ්වාසය යන සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ තමාට මෙන්ම ලෝකයට හොඳම ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා චීනය අඛණ්ඩව වෙහෙසෙන බවයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම