චීන ජනපති ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍යනායක කවුන්සිල රැස්වීමට සමගාමී කුඩා පරිමාණ සාකච්ඡාවන්ට එක්වෙයි
2022-09-16 19:40:33
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලයේ 22වැනි රැස්වීමට සමගාමී කුඩා පරිමාණ සාකච්ඡාවලට සහභාගි වෙයි.

එක් සාකච්ඡාවක් අද (16) උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නුවර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී එරට ජනාධිපති Shavkat Mirziyoyev මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. රුසියානු ජනාධිපති Vladimir Putin, කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev, කිර්ගිස්තාන ජනාධිපති Sadyr Japarov, ටජිකිස්ථාන ජනාධිපති Emomali Rahmon, ඉන්දීය අගමැති Narendra Modi සහ පාකිස්ථාන අගමැති Shahbaz Sharif යන මහත්වරු ඊට සහභාගී වූහ. ඔවුහු ශංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනය සහ කලාපීය දේශපාලන හා ආර්ථික තත්ත්වය සම්බන්ධ ප්‍රධාන ජාත්‍යන්තර හා කලාපීය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

ශංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවූ දා සිට සෑමවිටම "ශංහයි ජීවගුණය" යන තේමාව ඉහළින් තබාගෙන සිටී. මෙම නව ආකාරයක ජාත්‍යන්තර සංවිධානයේ සංවර්ධනය සඳහා නව මාවතක් සාර්ථකව ගවේෂණය කර ඇති අතර, ආස්වාදජනක සහ වැදගත් අත්දැකීම් මාලාවක් එකතු කර තිබෙන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. ශංහයි සහයෝගිතා සංවිධානයේ කටයුතු ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සිව් වැදෑරුම් යෝජනාව ද චීන ජනාධිපතිවරයා විසින් එහිදී ඉදිරිපත් කරන ලදී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම