චීන තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කළ ඇමරිකානු සමාගම් ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීමට චීනයේ සූදානමක්
2022-09-16 23:40:43
Share with:

චීන තායිවාන ප්‍රදේශය වෙත අවි අලෙවි කළ ඇමරිකානු සමාගම්වල ප්‍රධානීන්ට එරෙහිව සම්බාධක පැනවීමට චීන රජය පියවර ගනී.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය අද(16) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා ය.

චීනයේ ස්වෛරීභාවය හා ආරක්ෂක ප්‍රතිලාභ සුරැකීම සඳහා, ඇමරිකාවේ Raytheon සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී Gregory J. Hayes සහ Boeing Defense, Space & Security  සමාගමේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී Ted Colbert යන අයට එරෙහිව සම්බාධක පැනවීමට චීනය පියවර ගන්නා බව ඇය සඳහන් කළා ය.

තායිවානය වෙත ඇ.ඩො.බිලියන 1.106ක වටිනාකමින් යුත් අවි අලෙවි කිරීමේ සැලැස්ම, ඇමරිකාව පසුගිය 2 වැනි දා ප්‍රකාශයට පත් කළේ ය.  කෙසේවෙතත් සිය ස්වෛරීභාවය හා ආරක්ෂක ප්‍රතිලාභ සුරැකීම සඳහා ප්‍රබල හා ස්ථිර ප්‍රතිචාර දක්වන බව ද චීනය ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම