චීන- මොංගෝලියානු ජනපතිවරුන් අතර හමුවක්
2022-09-16 10:19:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, මොංගෝලියානු ජනාධිපති Ukhnaagiin Khurelsuh මහතා හමුවෙයි. 

එම හමුව, උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නුවර දී ඊයේ (15) පැවැත්විණ.

මිත්‍රශීලිව සැලකීම, සහයෝගිතා පවත්වා පොදු ජයග්‍රහණ ලබාගැනීම ස්ථීර ලෙස අනුගමනය කරමින්, චීනය හා මොංගෝලියාව අසල්වැසි රටවල් දෙකක් අතර පැවතීමට සුදුසු ආදර්ශන සබඳතාව ගොඩනැගිය යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය. මොංගෝලියාව සමඟ එක්ව චීන-මොංගෝලියානු ආර්ථීක කොරිඩෝවේ සංවර්ධනය ඉදිරියට ගෙනයමින්, ගෝලීය සංවර්ධන යෝජනාව හා ගෝලීය ආරක්ෂක යෝජනාව ක්‍රියාවට නංවා, මොංගෝලියාවේ මනා වේගවත් සංවර්ධනයට සහය දෙන බවද හෙතෙම සඳහන් කළේය. කාන්තාරකරණය වැළැක්වීම සඳහා මොංගෝලියාව සමඟ සක්‍රිය ලෙස සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද එහිදී සඳහන් කෙරිණ. 

මොංගෝලියානු-චීන සම්පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සබඳතාව, රටවල් අතර පැවතිය යුතු සබඳතා පිළිබඳ ආදර්ශනයකි.එකම චීනය පිළිබඳ ප්‍රතිපත්තිය ස්ථීරව අනුගමනය කරන මොංගෝලියාව, චීන අභ්‍යන්තර කටයුතුවලට වෙනත් ඕනෑම රටක මැදිහත්වීම කෙරෙහි විරෝධය පළ කරන බව ජනාධිපති Ukhnaagiin Khurelsuh මහතා ප්‍රකාශ කළේය. ලෝක සාමය හා ආරක්ෂාව සහතික කිරීම සඳහා චීනය ලබා දුන් දායකත්ව ඉහළින් අගය කරන මොංගෝලියාව, චීනය සමඟ සංවර්ධන උපායමාර්ගික එක්වීම තහවුරු කරමින් වෙළඳාම, දුම්රිය හා පරිසරය යන ක්ෂේත්‍රවල ප්‍රයෝගික සහයෝගිතා ශක්තිමත් කරන බවද එරට ජනාධිපතිවරයා පැවසීය. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම