ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියා පිළිබඳ සංවාදයක්
2022-09-15 11:09:32
Share with:

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය සහ ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ වාර්තාකරුවන් අතර සංවාදයක් ඊයේ (14) පැවැත්විණ.

ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව චීන නියෝජිතයා එහිදී පෙන්වා දුන්නේය. ඇමරිකාව සහ ඇතැම් බටහිර රටවල් හිතාමතාම සෙසු රටවලට එරෙහිව ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියා නිතර සිදුකරන අතර, අනිසි ලෙස අධිකරණ බලය භාවිත කර වක්‍රාකාර සම්බාධක සහ පමණ ඉක්මවා නීතියට වැඩකරන ලෙස ඉල්ලීම වැනි පියවර තුළින්  පුළුල් පරාසයකට හානි සිදු වෙයි. එය මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.

ඒකපාර්ශ්වික බලහත්කාර ක්‍රියාමාර්ග වහා නතර කරන ලෙසත්, මානව හිමිකම් කෙරෙහි ඒවායේ අහිතකර බලපෑම ඉවත් කරන ලෙසත් චීනය අදාළ රටවලින් ඉල්ලා සිටී. මෙවැනි බලහත්කාරකම් සිදු කරන රටවල වගකීම් විරහිතභාවය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විමසිය යුතු බව ද චීන නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම