ඇමරිකානු තරුණයන්ගේ අනාගතය උදුරාගන්නා තුවක්කු ප්‍රචණ්ඩත්වය
2022-09-15 11:31:10
Share with:

ඇමරිකාව ලොව වැඩිම පෞද්ගලික තුවක්කු පවතින රට යි. එරට පුරවැසියන් වෙඩි තැබීම් සිද්ධිවලින් මිය යාමේ අනුපාතය, වෙනත් ඉහළ ආදායම් ලබන රටවලට වඩා 25 ගුණයකින් වැඩි බව සංඛ්‍යාලේඛනවලින් පිළිබිඹු වේ. වෙඩි තැබීම් ප්‍රචණ්ඩත්වය ඇමරිකානු සමාජයේ දරුණු භීතිකාවකට පවා තුඩු දී ඇත. Michigan විශ්වවිද්‍යාලය මෑතකදී කළ පර්යේෂණයකට අනුව, පාසල් හා සරසවි, වෙඩිතැබීමේ අපරාධවල ප්‍රධාන ඉලක්ක බවට පත්වීමත් සමගම මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ඔවුන්ට තදබල පීඩනයක් එල්ලකරන සාධකයක් වී ඇතැයි ඇමරිකානු තරුණයන් හා යෞවනයන් සියයට 75 කගේ අදහස වී ඇත.

ලොව සංවර්ධිතම රටේ මෙවැනි වෙඩි තැබීම් සිද්ධි අඛණ්ඩව සිදුවන්නේ කුමන හේතු මත ද? ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන සංශෝධනයේ සඳහන් වන තුවක්කු හිමිකම් පිළිබඳ වගන්තිය ‍වෙනස් කිරීමට අසීරු වීම හා තුවක්කු පාලනය අතින් එරට පක්ෂ දෙක අතර පවතින මතභේද ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

මේ අතර ප්‍රතිලාභ කණ්ඩායම්වල බලපෑම් වෙඩි තැබීම් ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට ඇති තවත් බාධාවකි. ඇමරිකාවේ තුවක්කු නිෂ්පාදනය හා වෙළඳාම යනු මහා කර්මාන්තයකි. 2021 වසරේ ‍ තුවක්කු වෙළඳපොළේ ධාරිතාව ඇ.ඩො. බිලියන 70.5ක්  දක්වා ඉහළ ගියේය.

අනතුරුව වසංගතය මතුවීමෙන් පසු, වර්ගවාදය හා ඇති නැති පරතරය යන දිගු කලක් පැවති සමාජ ගැටළු තවදුරටත් උග්‍රවිය. මානසික පීඩන රැසකට පත්ව සිටින ජනතාවගේ අප්‍රසාදය හා අතෘප්තිමත්බව උත්සන්න වීම ද ප්‍රචණ්ඩත්වය උත්තේජනය කර ඇත.

එහෙත්, ඇමරිකාවේ විශාල පරිමාණ වෙඩිතැබීමක් සිදුවන සෑම අවස්ථාවකින් පසුවම තුවක්කු අලෙවිය ඉහළ යාමක් පෙන්නුම් කිරීම,  ඇදහිය නොහැකි, අවාසනාවන්ත සංසිද්ධියකි. මින් එරට සමාජය අතිශය දරුණු විෂම චක්‍රයකට ගොදුරු වී ඇති බව පෙනී යයි.  

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම