චීනයේ Shenzhou 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීන්ගෙන් ලෝකවාසී තරුණයන්ට ඇරයුමක්
2022-09-15 19:30:56
Share with:

චීනයේ Shenzhou 14 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු, චීන මාධ්‍ය සමූහය ඔස්සේ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැරඹීමට පැමිණෙන්නැයි ලෝකවාසී තරුණයන් හා යෞවනයන්ට ඇරයුම් කරති.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින Shenzhou 14 යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය අද(15) චීන මාධ්‍ය සමූහය ඔස්සේ වීඩියෝ ආකාරයෙන් එම ඇරයුම ඉදිරිපත් කරමින් තරුණ ප්‍රජාවට සුබපැතුම් පිරිනැමීය. ඒ, "අභ්‍යවකාශ සිහින එක්ව සිතුවම් කිරීම" සහ "අභ්‍යවකාශය ගැන විමසීම" යන අන්තර් ක්‍රියාකාරකමට එක් වූ දෙස් විදෙස් තරුණයන් අමතමිනි.

චීන මාධ්‍ය සමූහයේ ආසියානු-අප්‍රිකානු කලාපීය භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය හා චීන විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරය විසින් ඒකාබද්ධව සංවිධාන කෙරුණු එම ක්‍රියාකාරකම ඉකුත් ජූනි මාසයේ ආරම්භ කරනු ලැබීය. රටවල් හා ප්‍රදේශ 20කට වැඩි සංඛ්‍යාවක තරුණයන් හා යෞවනයන්ගේ චිත්‍ර නිර්මාණ 600ක් පමණ සහ අභ්‍යවකාශය පිළිබඳ ප්‍රශ්න 1000කට වැඩි ප්‍රමාණයක් එමගින් රැස්කර ඇත. මෙම සිතුවම් හා ප්‍රශ්න තුළින් අභ්‍යවකාශ ජීවිතය, අභ්‍යවකාශ ගමන්, පිටසක්වළ ශිෂ්ටාචාරය, සාමකාමීව අභ්‍යවකාශ ප්‍රයෝජනයට ගැනීම හා පරිකල්පනීය නිවසක් ගොඩනැගීම පිළිබඳ දෙස් විදෙස් තරුණයන් හා යෞවනයන්ගේ සරු කල්පනා පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම