ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක්
2022-09-15 16:24:46
Share with:

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරුණ හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දෙරටේ එකඟතාව පළවේ. ඒ අනුව, දෙරට තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ සංචාරක අවස්ථා සඳහා සම්බන්ධ වීමේ අවස්ථාව හිමිවනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී නේපාල තානාපති බාෂු දේව් මිෂ්රා මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (14) පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.  ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට ද මෙමගින් ඉඩසැලසෙනු ඇත. 

අදාළ ඉදිරි පියවර මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හා නේපාල රජය විසින් ක්‍රියාවට නැංවීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම