චීන ජනපතිගේ උස්බෙකිස්ථාන සංචාරය ඇරඹේ
2022-09-15 09:56:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ උස්බෙකිස්ථාන සංචාරය ඇරඹේ.

විශේෂ ගුවන් යානයකින් ඊයේ(14) රාත්‍රීයේ උස්බෙකිස්ථානයේ සමර්කන්ඩ් නගරයට ළඟා වූ චීන ජනාධිපතිවරයා උස්බෙකිස්ථානයේ නිල සංචාරය ආරම්භ කළේය. මෙම සංචාරය අතරතුර, සමර්කන්ඩ් නගරයේ පැවැත්වෙන ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍යනායක කවුන්සිලයේ 22 වන රැස්වීමට ද හෙතෙම සහභාගිවීමට නියමිතය.

උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Mirziyoyev මහතා, අගමැති Abdulla Aripov මහතා සහ විදේශ අමාත්‍ය Vladimir Imamovich Norov මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන් තොටුපොළේ දී චීන ජනාධිපතිවරයා හරසරින් පිළිගත්හ. ෂී ජින්පිං මහතා වෙනුවෙන් ජනාධිපති Shavkat Mirziyoyev මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීය.

ෂී ජින්පිං මහතා ලිඛිත දේශනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ, චීන -උස්බෙකිස්ථාන පූර්ණ උපාය මාර්ගික හවුල්කාරී සබඳතාව ශීඝ්‍ර සංවර්ධන මාර්ගයකට පැමිණි බවයි. එය දෙරට ජනතාවට ජයග්‍රහණ හිමිකර දුන් අතර, එමගින් කලාපයේ සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධියට ශක්තිමත් පිටුබලයක් සැපයුණු බව ද හෙතෙම පැවසීය. තමා ජනාධිපති Shavkat Mirziyoyev මහතා සමඟ දෙරට සහයෝගිතා හා පොදුවේ අවධානය යොමුකරන ජගත් හා කලාපීය කරුණු කෙරෙහි ගැඹුරු අදහස් හුවමාරු කරන බව ද ෂී ජින්පිං මහතා එහිදී සඳහන් කළේය. ශැංහයි සහයෝගිතා සංවිධානයේ සමර්කන්ඩ් රැස්වීමට එක්ව, ඒ ඒ පාර්ශ්ව සමග එම සංවිධානයේ ජීවගුණය ප්‍රචාරය කරමින් අන්‍යෝන්‍ය ජයග්‍රහණ සහිත මනා සහයෝගිතාවක් තහවුරු කිරීමට තමා අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං මහතාගේ ලිඛිත දේශනයේ දැක්වේ. 


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම