ප්‍රාථමික සිසුන්ට නොමිලේ දිවා ආහාරය
2022-09-15 17:02:53
Share with:

රජයේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ සිසුන්ට දිවා ආහාරය සඳහා සමබල බත් වේලක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් ලබා දී ඇති අමෙරිකානු ඩොලර් මිලියන 27ක මුදලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නියමිත ය.

දරුවන්ගේ පෝෂණය නැංවීම සඳහා ෆෝලික් අම්ලය, යකඩ හා විටමින් සහිතව මෙම දිවා ආහාරය ලබාදීමට පියවර ගැනේ. රටේ පවතින ආර්ථික අර්බුදය හා ආහාර මිලගණන් ඉහළ යාම හා ආහාර හිඟවීම, පාසල් දරුවන්ගේ පෝෂණයට මහත් බලපෑමක් එල්ලකර තිබේ. මේ නිසා ප්‍රාථමික සිසුන්ගේ පෝෂණය තහවුරු කිරීම සඳහා මෙම ආහාර වේල ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම