වර්ධනය වන චීන කස්ක්ස්ථාන සබඳතා
2022-09-15 15:26:37
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ, 2015 වසරේ චීනයේ Xi an නගරයේ Aiju ධාන්‍ය හා ආහාර තෙල් නිෂ්පාදන සමූහය කසක්ස්ථානයේ ආයෝජන සිදු  කළා. ඊට වසරකින් පසුව එම සමූහය උතුරු කසක්ස්ථාන ප්‍රාන්තයේදී කෘෂි නිෂ්පාදන ප්‍රවාහන හා සැකසීමේ කර්මාන්ත උද්‍යානයක් ස්ථාපිත කළා.එම උද්‍යානය මගින් Aiju සමූහය කසක්ස්ථානයේ කෘෂි නිෂ්පාදිත පිරිසැකසුම් කටයුතු සිදු කරනවා.මේ වනවිට, එම කර්මාන්ත උද්‍යානය චීන-කසක්ස්ථාන හරිත සහයෝගිතාවේ ඉතා වැදගත් ව්‍යපෘතියක් බවට පත්වෙලා.

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ආරම්භ කිරීමෙන් පසු කසක්ස්ථානයේ ධාන්‍ය හා ආහාර තෙල් යන නිෂ්පාදන කසස්කස්ථානයේ සිට දින 10ක් පමණ කාලයක් තුළ චීනයේ Xi an නගරයට ළඟා විය හැකියි.භාණ්ඩ ප්‍රවාහන වියදම් විශාල වශයෙන් අඩු වූ බවද Aiju සමූහයේ නියෝජ්‍ය කළමණාකරු Liu Dongmeng මහතා පැවසුවා.කසක්ස්ථානයේ  නිෂ්පාදිත තිරිඟු පිටි භාවිත කර  සකස් කළ චීන සාම්ප්‍රදායික නූඩ්ලස් චීන Xi an නගරයේ පුරවැසියන්ගේ කෑම මේසයේ දකින්න පුළුවන්.එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ඉදිකිරීම් කටයුතු ගැඹුරු ලෙස සංවර්ධනය කිරීමත් සමඟ චීන - කසක්ස්ථාන කෘෂිකර්මික සහයෝගිතාවෙන් ලැබු ජයග්‍රහණ දෙරටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයට සම්බන්ධවීම ඉන් පිළිබිඹු වෙනවා.

ලෝකයේ ප්‍රධාන ධාන්‍ය අපනයන රටක් ලෙස කසක්ස්ථානයේ කෘෂිකර්මාන්ත සංවර්ධනයේ ඉදිරි දැක්ම ඉතා යහපත් වෙනවා. එම සමූහය, වයඹදිග චීනයේ කෘෂිකර්මික වනාන්තර හා තාක්ෂණ විශ්වවිද්‍යාලය ,කසක්ස්ථාන ජාතික විශ්වවිද්‍යාලය , කසක්ස්ථානයේ ගොවිපළ සමඟ එක්ව නව කෘෂිකාර්මික සහයෝගිතා ප්‍රජාවක් ස්ථාපිත කළා.අදාළ ආයතනවල ඉල්ලුම් මත ගොවීන්ගේ වගා කිරීමේ කටයුතු කළමනාකරණය කරමින් එහි ගොවි ජනතාව‍‍ට රැකියා නියුක්ති අවස්ථා ලබා දුන්නා.මෙම වසරේ චීන -කසක්ස්ථාන රාජ්‍යතන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 30 වැනි සංවත්සර වසරයි.එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියේ දී දෙරටට වැඩි සහයෝගිතා පැවැත්වීමට හැකිවීම දෙරටේ ජනතාවගේ පොදු අපේක්ෂාවයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම