ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ආර්ථික හා සමාජ සංවර්ධන ජයග්‍රහණ පිළිබඳ වාර්තා මාලාවක් නිකුත් කරයි
2022-09-14 14:40:34
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ(13) පළ කළ වාර්තාවකට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයේ සිට, චීන ආර්ථිකය තිරසර හා මනා ලෙස අඛණ්ඩව සංවර්ධනය වී ඇති අතර, පුළුල් ජාතික ශක්තිය සැලකිය යුතු අයුරෙන් වැඩි දියුණු වී ඇත.

2013 වසරේ සිට 2021 වසර දක්වා, චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 6.6% ක සාමාන්‍ය වාර්ෂික අනුපාතයකින් වර්ධනය වී ඇත. මෙය සමාන කාලය තුළ, ලෝක සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය වන 2.6%ට මෙන්ම, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හී සාමාන්‍ය වර්ධන වේගය වන 3.7%ට ද වඩා ඉහළය.

2021 වසරේ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 114.4ක් දක්වා ළඟා විය. එම වසරේ චීනයේ සමස්ත ආර්ථික නිමැවුම ලෝක ආර්ථිකයෙන් 18.5% ක් වන අතර, එය ලෝකයේ 2වැනි ස්ථානයේ අඛණ්ඩව රැඳී ඇත.

2013 වසරේ සිට 2021 වසර දක්වා, චීනය ලෝක ආර්ථික වර්ධනයට දැක්වූ සාමාන්‍ය දායකත්ව අනුපාතය 30% ඉක්මවා ඇති අතර, එය තනි රටක් ලබාදුන් ලොව ඉහළම දායකත්වයයි.

2021 වසරේ, චීනයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිත වටිනාකම ඇමරිකානු ඩොලර් 12,551කි. මෙම අගය වසර 3ක් තුළ අඛණ්ඩව ඇමරිකානු ඩොලර් 10,000ක් ඉක්මවා ගොස් ඇත.ඉන් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල මට්ටමක් සනිටුහන් වේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම