ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට වාර්තා නොකළ ස්ථාන 3නේ සොයාගත් යුරේනියම් අංශු පිළිබඳ පරීක්ෂාවන්ට ඉරානයේ සහාය
2022-09-14 14:12:42
Share with:

          ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට වාර්තා නොකළ ස්ථාන 3නේ සොයාගත් යුරේනියම් අංශු පිළිබඳ පරීක්ෂාවන්ට එම ඒජන්සියට සහය දෙන බව ඉරානය පවසයි.

          ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ඊයේ (13) මේ බව පැවසීය. එම ස්ථානවල සොයාගත් යුරේනියම් අංශු පිළිබඳව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියට අදාළ තොරතුරු  ලබා දී ඇති අතර ඊට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දී ඇත. ඇතැම් ඇපැහැදිලි ප්‍රශ්න පැහැදිලි කිරීම සඳහා සංවාද පවත්වා තිබෙන බව ද එම සංවිධානය සඳහන් කර ඇත.

           ඉරානය වාර්තා නොකළ ස්ථාන 3නේ සොයාගත් යුරේනියම් වෙනුවෙන් තාක්ෂණික වශයෙන් විශ්වාස කළ හැකි පැහැදිලි කිරීමක් ඉරානය විසින් ලබා දී නැතැයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය 12වැනි දින පවසා තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම