වසර 2,000 කට වැඩි ඉතිහාසයක් සහිත සාම්ප්‍රදායික Suxiu එම්බ්‍රොයිඩර් කලාවක උරුමකාරිණියක්
2022-09-14 09:12:16
Share with:

Suxiu කියන්නේ, නැගෙනහිර චීනයේ Suzhou ප්‍රදේශයේ නිර්මාණය කෙරෙන, චීන සාම්ප්‍රදායික එම්බ්‍රොයිඩර් කලාව හඳුන්වන නාමය. චීනයේ සුප්‍රසිද්ධ එම්බ්‍රොයිඩර් කලා සම්ප්‍රදායන් හතරෙන් එකක් වන Suxiu කලාවට වසර 2,000 කට වැඩි ඉතිහාසයක් හිමියි. අලංකාර රටා, ඉතා සියුම් ශිල්ප ක්‍රම සහ විශිෂ්ට වර්ණ සංයෝජන නිසා Suxiu එම්බ්‍රොයිඩර් ලොව පුරා ප්‍රසිද්ධයි.

Suxiu එම්බ්‍රොයිඩර් කලාවේ ප්‍රවීණ ශිල්පිනියක වන Yao Huifen මහත්මිය, ඒ පිළිබඳ ජාතික අස්පෘශ්‍ය සංස්කෘතික උරුමක්කාරියක්. Suzhou හි සාම්ප්‍රදායික එම්බ්‍රොයිඩර් නිර්මාණය කරන පවුලක උපත ලැබූ ඇයට කුඩා කාලයේ සිටම Suxiu එම්බ්‍රොයිඩර් කෙරෙහි තිබුණේ දැඩි උනන්දුවක්.

ඇය ජීවත්වෙන Zhenhu නම් වීදිය Suzhou නගරයේ Suxiu එම්බ්‍රොයිඩර් පිළිබඳ පළාත් මට්ටමේ පිළිගැනීමක් සහිත සුන්දර උපනගරයක්. දැනට එහි ස්ථීරව ලියා පදිංචි කරන 20000 කට වැඩි ජනගහණයෙන් 8000 ක පමණ කාන්තාවන් පිරිසක් Suxiu නිෂ්පාදන කටයුතුවල නියැළී සිටිනවා. එම්බ්‍රොයිඩර් සාප්පු සිය ගණනක් එහි ස්ථාපනය කෙරුණා.

1998 වසරේ දී බාල සොහොයුරිය සමඟ Zhenhu වීදියේ තමාගේම එම්බ්‍රොයිඩර් කම්හලක් විවෘත කළ Yao Huifen ශිල්පිනිය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා. ඇයගේ Suxiu එම්බ්‍රොයිඩර් නිර්මාණ චීන ජාතික කලා සහ අත්කම් සම්මාන දිනාගෙන තිබෙනවා. එමෙන්ම සංස්කෘතික හුවමාරු යටතේ Suxiu එම්බ්‍රොයිඩර් ප්‍රචාරය කිරීම සඳහා ඇමරිකාව,ප්‍රංශය,ඉතාලිය,බ්‍රිතාන්‍යය,රුසියාව යන රටවලට කිහිප වතාවක් සංචාරය කළ ඇය Suxiu ගෙත්තම් රූප තානාපතිනිය ලෙස කටයුතු කළා. ඇයගේ කලා නිර්මාණ විවිධ දෙස් විදෙස් කලාගාරවලත් තැන්පත් කෙරුණා.

එහෙත් Yao Huifen මහත්මිය මේ කලාවේ අනාගතය ගැන පසුවන්නේ ඇගේ කනස්සල්ලෙන්. දැනට එම්බ්‍රොයිඩර් නිර්මාණයේ නියැළී සිටින අයගේ වයස සාමාන්‍ය අවුරුදු 40 ත් 55 ත් අතර වනවා. එම කලාවට එක්වන තරුණියන්ගේ සංඛ්‍යාව දිනෙන් දින අඩු වන බව ඇය සඳහන් කළා. විදේශ රටවල්වලින් පැමිණෙන එම්බ්‍රොයිඩර් කලා ලෝලීන් සෑම අවස්ථාවකම ඇය සාදරයෙන් පිළිගත්තා. ඔවුන්ට එය විනෝදාංශයක් පමණක් වුවද, ඔවුන්ට ඉගැන්වීමේ ක්‍රියාවලියේදී, ඔවුන්ගේ හදවත් තුළ Suxiu පිළිබඳ බීජයක් රෝපණය වන බව ඇය පැවසුවා.ඉදිරියේ වඩා වැඩි තරුණ පිරිසක් Suxiu එම්බ්‍රොයිඩර් නිර්මාණයට එක්වනු ඇතැයි ඇය බලාපොරොත්තු වෙනවා.එම කලාව පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම ඇයගේ දැඩි අපේක්ෂාවක්.   

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම