නෙළුම් කුලුණේ මෙහෙයුම් ඇරඹේ
2022-09-14 16:53:48
Share with:

කොළඹ නෙළුම් කුලුණේ මෙහෙයුම් හෙට (15) සිට ආරම්භ කෙරේ. ලබන වසරේ ජනවාරි මාසය දක්වා විවිධ උත්සව 15 ක් සඳහා මේ වනවිටත් ඇණවුම් ලැබී තිබේ. මීටර 356 ක උසකින් යුත් නෙළුම් කුලුණ, ලොව දැනට පවතින උසම ගොඩනැගිලි අතර, 19 වැන්නයි. මේ වන විට දේශීය ආයෝජකයෝ  80 % ක් හා විදේශීය ආයෝජකයෝ 20 % ක් මීට අදාළ ව්‍යාපෘති සඳහා එක්ව සිටිති.

නෙළුම් කුළුණේ ඉදිකිරීම් 2012 වසරේදී ආරම්භ කෙරුණු අතර 2022 පෙබරවාරි මාසයේ එය මෙරට රජයට භාරදෙනු ලැබීය. මේ සඳහා චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් 88.65ක් සැපයුණු අතර, ඉතිරිය ශ්‍රී ලංකා රජය මගින් යොදවා තිබේ.

හෙට (15) සිට ඕනෑම පුද්ගලයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන නෙළුම් කුලුණේ අත්දැකීම විඳගත හැකියි. ඒ සඳහා රුපියල් 500 සහ රුපියල් 2000 බැගින් වන ප්‍රවේශ පත්‍ර නිකුත් කෙරේ. විදේශිකයෙකු නම්, අමෙරිකානු ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම