කූට ක්‍රමයෙන් න්‍යෂ්ටික නිර්ව්‍යප්ත බැඳීම් මග හැරීමට උත්සාහ දරන ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව
2022-09-14 10:31:41
Share with:

අනවසර න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාවන් නිත්‍යනුකූල කිරීමට ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව ගත් සිව්වැනි උත්සාහය  ද අසාර්ථක විය. ඒ, එම රටවල න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාවන්  හුදකලා මාතෘකාවක් සේ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පසුගියදා(12) තීරණය කිරීමත් සමගය. අදාළ සහයෝගතා කටයුතු පාලනය කරනු ලැබිය යුත්තේ එම ඒජන්සියේ සාමාජික රටවල් විසින් මිස, එම රටවල් තුන පමණක්ම විසින්  නොවන බව අදාළ තීරණයෙන් කියැවේ.

වසරකට පෙර සැප්තැම්බර් මස 15වනදා ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගතා හවුල්කාරීත්වය(AUKUS) ස්ථාපිත කිරීම ප්‍රකාශ කළේය. න්‍යෂ්ටික සබ්මැරීන නිෂ්පාදනයට ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාවට සහායවීම එහි ප්‍රධාන අරමුණය. ඉන් ඇතිවන න්‍යෂ්ටික අවි අමුද්‍රව්‍ය පවරාදීම, සැබවින්ම න්‍යෂ්ටික අවි ව්‍යාප්තියකි. ඉන්, අවි තරගය උග්‍ර වෙමින් කලාපීය සාමය හා ස්ථාවරත්වය විනාශ වී ජගත් න්‍යෂ්ටික අවි නිර්ව්‍යප්ත පද්ධතියට ද දැඩි ලෙස  හානි වනු ඇත. මේ හේතුවෙන් ජගත් ප්‍රජාව ඊට දැඩි අවධානයක් යොමු කරයි.

‘න්‍යෂ්ටික අවි නිර්ව්‍යප්ත ගිවිසුමේ’ සාමාජිකයින් වශයෙන් ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව එහි න්‍යෂ්ටික අවි නිර්ව්‍යප්ත බැඳීම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ. එහෙත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතික සාකච්ඡාවෙන් අනුමත කළ  න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාව පිළිබඳ කරුණු පසෙක තබා, රටවල් තුන එම ඒජන්සියේ ලේකම් කාර්යාලය සමග අදාළ සහයෝගතාවේ සහතික කිරීම් හා අධීක්ෂණ සැකැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තැත් කරමින් සිටියි. එය න්‍යෂ්ටික අවි ව්‍යාප්ත කිරීමේ කල්ක්‍රියාව ආවරණය කිරීමට ගත් ප්‍රයත්නයකි.

‍එම රටවල් කුමන උපායයක් යොදා ගත්ත ද සත්‍යයක් වෙනස් නොවේ. එනම්,  ඔවුන් පවත්වන න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාව, අවි මට්ටමේ සාන්ද්‍ර යුරේනියම් ද්‍රව්‍යය පිළිබඳ තාක්ෂණ හා උපකරණ පවරා දීමට සම්බන්ධ වීමය. මේ තුළ බරපතල න්‍යෂ්ටික අවි ව්‍යාප්ත අවදානමක් පවතී. එය ‘න්‍යෂ්ටික අවි නිර්ව්‍යප්ත ගිවිසුමේ’ පරමාර්ථය හා අරමුණට පටහැනි වනවා පමණක් නොව, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ලේකම් කාර්යාලයේ වෘත්තීය පරාසය ද අභිබවා යාමකි. අදාළ කරුණු තීරණය කළ යුත්තේ එම ඒජන්සියේ සාමාජිකයින්ගේ පොදු සාකච්ඡාව මත යැයි ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව වටහා ගත යුතුය. සිය, න්‍යෂ්ටික අවි නිර්ව්‍යප්ත බැඳීම් ඉටු කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව එම රටවල් තුන ලෝකයට පැහැදිලි කිරීමක් සිදු කළ යුතුය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම