වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට එල්ල වූ එතෙර සයිබර් ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේ දී කරුණු රැසක් හෙළිවේ
2022-09-13 16:26:39
Share with:

චීන ජාතික පරිගණක වෛරස හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය, ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ සයිබර් අවි ‘suctionchar’ විශ්ලේෂණ වාර්තාව නිකුත් කරයි. එය අද (13) එළිදැක්විණ.

චීන ජාතික පරිගණක වෛරස හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය, වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට එල්ලවූ එතෙර සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් කළ විමර්ශනයේ දී, ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සියේ(NSA) විශේෂිත සයිබර් අවියක් වන‘suctionchar’  විශ්වවිද්‍යාලයේ ජාල සේවා උපකරණ මත තිබී සොයා ගත්තේය. එම මධ්‍යස්ථානය සහ Qi Anxin සමාගම එම සයිබර් අවිය පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණයක් සිදුකර තිබේ. එහි ප්‍රධාන කාර්යය වන්නේ ඉලක්කගත සත්කාරකයේ (mainframe)දුරස්ථ ප්‍රවේශ ගිණුම් මුරපදය සොරකම් කිරීම බව විශ්ලේෂණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කෙරේ. වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් පිටත වෙනත් ආයතන ජාලයන්හි පවා ‘suctionchar’ ප්‍රහාරයේ සලකුණු පවතින බව තාක්ෂණික කණ්ඩායම විසින් මෙම විමර්ශනයේ දී සොයාගනු ලැබීය. මෙය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය යටතේ ඇති විශේෂ ආක්‍රමණ මෙහෙයුම් කාර්යාලය වන TAO විසින් චීනයට එල්ල කරන ලද මහා පරිමාණ සයිබර් ප්‍රහාරයක් විය හැකිය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම