පසුගිය වසර 20 තුළ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල මුළු වෙළෙඳ වටිනාකම සිය ගුණයකින් පමණ ඉහළට
2022-09-13 19:11:27
Share with:

ෂැංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවා ගෙවීගිය වසර 20 ක කාලය තුළ වෙළඳ සංවර්ධන වාර්තාවලට අනුව, මෙම වසරේ මුල්භාගය වනවිට එම සංවිධානයේ සාමාජික රටවල මුළු වෙළඳ වටිනාකම සිය ගුණයකින් පමණ ඉහළ ගොස් ඇත.  2001 වසරේ දී  සමස්ත ලෝක වෙළඳ වටිනාකමෙන් සියයට 5.4 ක් වූ එය 2020 වනවිට සියයට 17.5 ක් ලෙස වර්ධනය විය. ෂැංහයි සහයෝගිතා සංවිධාන සාමාජික රටවල ගෝලීය වෙළඳ බලපෑම අඛණ්ඩව ඉහළ ගොස් ඇති බව මින් පෙන්නුම් කෙරේ.

2001 දී ඩොලර් බිලියන 667.09 ක් වූ එම සාමාජික රටවල මුළු වෙළඳ වටිනාකම 2020 දී ඩොලර් ට්‍රිලියන 6.06 දක්වා වර්ධනය වූ බව වාර්තාව පවසයි. ඒ අනුව, ෂැංහයි සහයෝගිතා සංවිධානය ගෝලීය වෙළඳ සහයෝගිතාවට ක්‍රියාකාරීව ඒකාබද්ධ වී ඇත. මෙම කාල පරිච්ඡේදය තුළ, ගෝලීය ආර්ථික තත්ත්වයෙහි බලපෑම හේතුවෙන් ඇතැම් වසරවල වෙළඳාමේ අගය උච්චාවචනය වුවද, ස්ථාවර වර්ධනයේ සමස්ත ප්‍රවණතාවක් නිරීක්ෂණය කළ හැකිය.

චීනය අනෙකුත් ෂැංහයි සහයෝගිතා රටවල් සමඟ වෙළඳාමේ දියුණුව සක්‍රියව ප්‍රවර්ධනය කර ඇති අතර, 2001 දී ඩොලර් බිලියන 12.15 ක් වූ සමස්ත වෙළඳ පරිමාව 2020 වසරේ දී ඩොලර් බිලියන 245.32 ක් දක්වා වැඩි වී ඇති බව ද වාර්තාවේ දැක්වෙයි. උස්බෙකිස්තානයේ සහ පාකිස්තානයේ විශාලතම වෙළඳ හවුල්කරු බවට පත්ව ඇති චීනය, රුසියාවේ සහ ඉන්දියාවේ දෙවන විශාලතම වෙළඳ හවුල්කරු බවට පත්ව ඇත. එමෙන්ම කසක්ස්තානයේ සහ ටජිකිස්ථානයේ තුන්වන විශාලතම වෙළඳ සහකරු වන අතර කිර්ගිස්තානයේ සිව්වන විශාලතම වෙළඳ හවුල්කරු වේ.

වර්තමානයේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයෙහි විෂය පථය 2001 දී සාමාජික රටවල් හයක් වූ අතර, වර්තමානය වනවිට සාමාජික රටවල් අටක්, නිරීක්ෂක රාජ්‍යයන් හතරක්  සහ සංවාද හවුල්කරුවන් හයක් දක්වා පුළුල් කර ඇත. යුරේසියාවේ මුළු භූමි ප්‍රමාණය 5න්  3ක් හා ලෝක ජනගහණයෙන් හතරෙන් එකක් හිමි එම සංවිධානය, ලෝකයේ  විශාලතම භූමි ප්‍රමාණය හා විශාලතම ජනගහණයකින් යුත් කලාපීය සහයෝගිතා සංවිධානය බවට පත් ව  ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම