Zaporizhzhia න්‍යෂ්ටික විදුලි බලාගාරයෙන් ඉවත් වීම පිළිබඳව මෙතෙක් සාකච්ඡාවට ලක්ව නැතැයි රුසියාව පවසයි
2022-09-13 10:54:47
Share with:

යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික විදුලි බලාගාරයෙන් ඉවත්වීම  පිළිබඳව මෙතෙක් සාකච්ඡා කර නොමැති බව රුසියානු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් Sergey Peskov මහතා පවසයි‍.

රුසියානු ජනාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යවරයා හා සියලු හමුදා නිලධාරීන් අතර  පැය 24 පුරා සන්නිවේදන ක්‍රමවේදයක් පවතින අතර එම න්‍යෂ්ටික විදුලි බලාගාරය වෙත යුක්‍රේනය බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නතර කිරීම කෙරෙහි වැඩි අවධානය යොමු කරන බව Sergey Peskov මහතා ඊයේ (12) පැවසීය. එම බෝම්බ ප්‍රහාර නතර කිරීමට උත්සාහ දරන ලෙසට යුක්‍රේන තත්ත්වයට බලපෑම් සිදුකළ හැකි ආදාළ රටවලින් රුසියාව යළි ඉල්ලීමක් කරයි.

යුක්‍රේන හමුදාව අඛණ්ඩව Kharkiv හා Donetsk හි ප්‍රතිප්‍රහාර එල්ල කරමින් සිටින අතර, 11 වැනිදා වනවිට ජන නිවාස ප්‍රදේශ 20 කට වැඩි ප්‍රමාණයක් නැවත අත්පත් කර ගෙන ඇති බව යුක්‍රේන හමුදාව ඊයේ (12) සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම