චීන-උස්බෙකිස්ථාන සබඳතාව පිළිබඳව චීන ජනපතිගේ අත්සනින් යුතු ලිපියක් එරට ප්‍රධාන මාධ්‍යයන්හි පළවේ
2022-09-13 22:01:27
Share with:

‘අත්වැල් බැඳගෙන චීන-උස්බෙකිස්ථාන සබඳතාව සඳහා වන වඩාත් සුන්දර අනාගතයක් තහවුරු කිරීම ’ යන මැයෙන් යුත් ලිපියක් චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ අත්සනින් යුතුව උස්බෙකිස්ථාන People's Speech Daily සහ එරට ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය ඇතුළු ප්‍රධාන මාධ්‍යයන් හි පළවෙයි. එම ලිපිය අද(13) පළ වී ඇත. උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Mirziyoyev මහතාගේ ආරාධනාවකට අනුව, චීන ජනාධිපතිවරයා එරට නිල සංචාරයක නිරත වීමට පෙර, මෙම ලිපිය එරට ප්‍රධාන මාධ්‍යයන් හි පළවීම විශේෂත්වයකි. Shanghai සහයෝගිතා සංවිධානයට අයත් සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සිලයේ 22වැනි සමුළුවට සමගාමීව ෂී ජින් පිං මහතාගේ නිල චාරිකාව සිදුකෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම