චීන ජනපතිගේ නිල සංචාර චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයට පෙර සිදුකෙරෙන වැදගත්ම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම බව එරට කියයි
2022-09-13 17:31:05
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසකස්ථානය හා උස්බෙකිස්ථානය යන රටවල් දෙකේ නිල සංචාරයන්ට එක්වීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි ජාතික නියෝජිත සම්මේලනයට පෙර සිදුකෙරෙන වැදගත් ම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය අද(13) නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවා ය. ෂී ජින් පිං මහතා උස්බෙකිස්ථානයේ දී Shanghai සහයෝගිතා සංවිධානයේ සමුළුවට එක්වන අතර, එරට සහ කසකස්ථානයේ නිල සංචාරයන්හි ද නිරත වනු ඇතැයි,   විදේශ අමාත්‍යංශය ඊයේ(12) ප්‍රකාශයට පත් කළේ ය.

මෙම සංචාර මගින් චීනය, Shanghai සහයෝගිතා සංවිධානය හා පවත්වන සබඳතා මෙන්ම චීන-කසකස්ථාන සහ චීන-උස්බෙකිස්ථාන සම්බන්ධතාවන් කෙරෙහි දක්වන ඉහළ අවධානය හා සැලකීම පිළිබිඹු කෙරේ. වර්තමානයේ ජාත්‍යන්තර තත්ත්ව ප්‍රබල වෙනස්වීම්වලට ලක්ව ඇති අතර, නව කොරොනා වසංගතය වරින් වර පැතිරයාම හමුවේ පවා කලාපීය ආරක්ෂාව හා ස්ථාවරත්වය මෙන් ම විවිධ රටවල් සංවර්ධනයෙන් පෙරට රැගෙන ඒමට Shanghai සහයෝගිතා සංවිධානය ඉටු කර ඇති කාර්යභාරය කැපීපෙනේ. එසේම, ෂී ජින් පිං මහතා කසක්ස්ථානය හා උස්බෙකිස්ථානය යන රටවල නිල සංචාරයන්හි නිරත වීම, එම රටවල් හා චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා නව මට්ටමකට ඔසවා තැබීමක් බවද විදේශ අමාත්‍යංශය කියා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම