මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් චීනය අගය කරයි
2022-09-13 10:06:22
Share with:

ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට මානව හිමිකම් ප්‍රශ්න යොදා ගැනීමට විරෝධය පළ කරන බව චීනය පවසයි.

මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය චීනය අගය කරන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Chen Xu තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයට ඉදිරිපත් කෙරුණු  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව  පිළිබද සංවාදයේදී දේශනයක් කරමින් මේ බව පැවසීය.

ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ක‍්‍රියාකාරී ප‍්‍රවර්ධනය සහ ආරක්‍ෂාව, විශේෂයෙන්ම සංහිඳියාව, යළි සංවර්ධනය සහ ත්‍රස්තවාදය මර්දනය වෙනුවෙන් ගෙන ඇති නොපසුබස්නා උත්සාහයන් චීනය අගය කරන බව Chen Xu මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු ලෙස චීනය තම ජාතික ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ආර්ථික ප්‍රකෘතිය සාක්ෂාත් කර ගැනීමට ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දක්වයි. ඕනෑම රටක් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් භූ දේශපාලනික අභිමතාර්ථයන් ඉටු ගැනීමට දරන උත්සාහයන්‍ට චීනය විරුද්ධ බවත් මානව හිමිකම් ප්‍රශ්න යොදා ගනිමින් දේශපාලන බලපෑම් කිරීමට සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ පුරුද්ද අත්හරින ලෙසත්  අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් Chen Xu මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම