චීනයේ මැද සරත් උත්සව සමයේ ප්‍රවාහන සේවාවන්හි ඉහළ සාර්ථකත්වයක්
2022-09-12 15:08:18
Share with:

අද (12) චීනයේ මැද සරත් උත්සව සමයේ අවසන් දවසයි. ඊයේ (11) චීනයේ මගීන් දුම්රිය භාවිත කළ වාර ගණන ලක්ෂ 41.23ක් වන අතර, ධාවනය කෙරුණු මගී දුම්රිය සංඛ්‍යාව 6823කි. අද(12) සිට ජනතාවගේ ආපසු පැමිණීම සඳහා ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. මේ යටතේ මගී ගමන්වාර ලක්ෂ 62.5 ක් දුම්රියෙන් ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊ‍යේ(11) චීනයේ මහාමාර්ගවල වාහන ගමනාගමනය මිලියන 27.1 කට අධික විය. එය පෙර දිනට වඩා 2.29% ක අඩුවීමක් මෙන්ම 2021 මැද සරත් උත්සව නිවාඩුවේ දෙවන දිනට වඩා 25.05% ක අඩුවීමකි.

ගුවන් විදුලිය
20230327සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම