තායිලන්තයේ සහල් අපනයනය වඩාත් පුළුල් වෙයි
2022-09-12 16:00:12
Share with:

තායිලන්තයේ සහල් අපනයන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් වාර්තා වෙයි.

තායිලන්ත රජය ඊයේ(11) නිකුත් කළ දත්තවලට අනුව, මෙම වසරේ මුල් මාස 7 තුළ, සහල් මෙට්‍රික් ටොන් මිලියන 4.75ක් එරට අපනයනය කර ඇත. පසුගිය වසරේ සමාන කාලයට සාපේක්ෂව එය 53%ක වර්ධනයකි. මෙම වසර අවසානය වන විට, එම අගය මෙට්‍රික් ටොන් මිලියන 7.5කට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සමග, ඉන්දියාවට පසු සහල් අපනයනයේ දෙවැනි ස්ථානය තායිලන්තය අත්කර ගනු ඇත.

තායිලන්ත රජයේ ප්‍රකාශකයා පවසන්නේ, බාට් මුදල් ඒකකය අවප්‍රමාණ වී ඇති බැවින්, එරට සහල් මිල වෙළඳපොළේ වඩාත් තරගකාරීත්වයකට මුහුණ පා ඇති බවයි. එසේ ම, රුසියානු-යුක්රේන යුදමය තත්ත්වයෙන් එල්ල වී ඇති බලපෑම් හමුවේ තායිලන්ත සහල් ඉල්ලුම ඉහළ ගොස් ඇත. මෙවැනි හේතු සාධක සහල් අපනයනය ඉහළ යාමට තුඩු දී ඇතැයි ද ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම