තුන් වන චාල්ස් රජුට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-11 17:26:09
Share with:

 බ්‍රිතාන්‍ය නව රජු ලෙස දිවුරුම් දුන් තුන් වන චාල්ස් රජු වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

 චීනය හා බ්‍රිතාන්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 50 වැනි සංවත්සරය නිමිති කරගනිමින් තුන් වන චාල්ස් රජු සමග එක්ව දෙරට ජනතාව අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය වැඩිදියුණු කර, මිත්‍රශීලි හුවමාරු හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහයෝගතා ව්‍යාප්ත කිරීම තම අපේක්ෂාව බව ෂී ජින්පිං මහතා ඊයේ(11) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

‍මේ අතර ගෝලීය මාතෘකා පිළිබඳ දෙරට අතර අදහස් හුවමාරු පුළුල් කරමින් දෙරටේ ජනතාවට සුබසෙත උදාකරමින් ලෝක සාමය හා සංවර්ධනයට දායක වීමට කැමති බව ද  ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම