ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානි සමන්තා පවර් සහ ජනපති අතර හමුවක්
2022-09-11 17:24:57
Share with:

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. ජනාධිපති කාර්යාලයේදී නිල සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඇමරිකානු තානාපති ජූලි චන්ග් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතනයේ මාණ්ඩලික ප්‍රධානි සොනාලි කෝර්ඩේ යන මහත්මීහු ද එම සාකච්ඡාවට  එක්වූහ.

සමන්තා පවර් මහත්මිය ප්‍රමුඛ දූත පිරිස ඊයේ (10) පෙරවරුවේ දිවයිනට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහා යි. ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුද සම්බන්ධයෙන් එහිදී ඇය දැඩි අවධානයක් යොමු කරනු ඇත. අමාත්‍යවරුන්, රජයේ ඉහළ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීමට ඇය අපේක්ෂා කරයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම