චීනයේ වයඹදිග බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට එල්ලකෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් චීනයෙන් ඇමරිකාවට දැඩි චෝදනා
2022-09-11 19:45:41
Share with:

චීනයේ වයඹදිග බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින්, රහස්‍යමය තොරතුරු සොරකම් කිරීම පිළිබඳව චීනය, ඇමරිකාව කෙරෙහි තරයේ විරෝධතාව පළකරයි. 

චීන විදේශ අමාත්‍යංශයේ උතුරු ඇමරිකානු හා ඔෂිනියා මහාද්වීප දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ යං ටාඕ මහතා පසුගියදා(8) මේ පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කළේය.

වයඹදිග බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට එල්ලවූ එතෙර සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් චීන ජාතික පරිගණක වෛරස හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ 360 සමාගම නිකුත් කළ විමර්ශන වාර්තාව, පැහැදිලි සාක්ෂි සහිත, සත්‍යය පිළිබිඹු කෙරෙන ලේඛනයකි. මෙය, ඇමරිකානු රජය චීනයේ ආයතන කෙරේ එල්ලකළ පළමු අන්තර්ජාල ප්‍රහාරය හෝ රහස් තොරතුරු සොරකම් කිරීම නොවන බව යං ටාඕ මහතා පවසයි. ඇමරිකාවේ මෙම ක්‍රියාකාරකම් තුළින් චීනයේ අදාළ ආයතනවල තාක්ෂණික රහස් සොරා ගෙන ඇති අතර, එය චීනයේ කේන්ද්‍රීය යටිතල පහසුකම්වල, ආයතනවල හා පුද්ගල තොරතුරු සුරක්ෂිතතාවයට බරපතල හානියකි. ඇමරිකාව එම ක්‍රියා වහාම නතර කළ යුතු බව යං ටාඕ මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම