චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපතිවරයා රුසියාවේ නිල සංචාරයක
2022-09-11 15:35:36
Share with:

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති ලී චන්ෂූ මහතා රුසියාවේ නිල සංචාරයක නිරත වෙයි. රුසියාවේ ජාතික දූමා මණ්ඩල සභාපති Vyacheslav Viktorovich මහතාගේ ඇරයුමක් අනුව එම සංචාරය පසුගිය 7වැනිදා සිට 10වන දා දක්වා සිදුකෙරිණ. 

චාරිකාව අතරතුර ලී චන්ෂූ මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා අතර හමුවක් පැවැත්විණ. චීන සහ රුසියානු ජනාධිපතිවරුන්ගේ උපායමාර්ගික මෙහෙයවීම හා පෞද්ගලික ප්‍රයත්න මත, නව යුගයේ චීන-රුසියානු පූර්ණ සම්බන්ධීකරණ හවුල්කාරීත්වය සැමවිටම ප්‍රබල වර්ධන ප්‍රවණතාවක පවතින බව ලී චන්ෂූ මහතා එහිදී පැවසීය. රුසියාව සමග එක්ව එකිනෙකාගේ කේන්ද්‍රීය යහපතට අදාළ කරුණු හා වැදගත් සාධක සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය තිරසර සහාය ලබාදීමට චීනය කැමති බව ද ඔහු ප්‍රකාශ කළේය. නව යුගයේ චීන-රුසියානු සම්බන්ධතාව අඛණ්ඩව නව තලයකට නැංවෙන බවට තමා ස්ථිරව විශ්වාස කරන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

දෙර‍ටේ සම්බන්ධතාවය හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා ප්‍රතිඵල කෙරේ තමා තෘප්තිමත් වන බව රුසියානු ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන් වසංගත තත්ත්වය හමුවේ වුවද සක්‍රිය ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇති ද්විපාර්ශ්වීය වෙළඳාම, වඩාත් ඉහළ මට්ටමකට නංවාලිය හැකි යැයි විශ්වාස කරන බව ද ඔහු කියා සිටියේය. දෙර‍ටේ නීතිසම්පාදන ආයතන අතර අදහස් හුවමාරු, ද්විපාර්ශ්වීය සම්බන්ධතාවට වැදගත් මෙහෙවරක් ඉටු කරනු ඇත. නුදුරේදී පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික නියෝජිත සම්මේලනය සාර්ථකත්වය වෙනුවෙන් ව්ලැදිමීර් පුටින් මහතා සුබ පැතුම් පිරිනැමීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම