චීන මාධ්‍ය සමූහයේ මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්‍රී ප්‍රසංගය අද ලොව පුරා විකාශය කෙරේ
2022-09-10 15:04:57
Share with:

චීන මාධ්‍ය සමූහයේ මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්‍රී ප්‍රසංගය ඉදිරිපත් කෙරේ.

චීන මාධ්‍ය සමූහය විසින් සංවිධානය කරනු ලබන මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්‍රී ප්‍රසංගය බෙයිජිං වේලවෙන් අද (10)රාත්‍රී 8 සිට දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

මෙවර ප්‍රසංගය නිර්මාණශීලිත්වය,කලාව හා තාක්ෂණයෙන් සුසංයෝග වී ඇත. සංස්කෘතික උරුම හා ස්වභාවික දර්ශනය සමඟ චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ සුවිශේෂ අලංකාරත්වය සමගින් චීන ජාතිකයන්ගේ ආත්ම විශ්වාසය හා එකමුතුව ඉන් පිළිබිඹු  කෙරේ. 

අද රාත්‍රී 8.00 ට චීන මාධ්‍ය සමූහයට අයත් CCTV-1, CCTV-3, CCTV-4, CCTV-15, 8Kඅධි පැහැදිලි නාලිකාව යන රූපවාහිනි නාලිකා, ගුවන් විදුලි නාලිකා සහ නව මාධ්‍ය වේදිකා මෙන්ම විදේශීය සමාජ මාධ්‍ය වේදිකා හරහා ද ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත සමගාමීව එය විකාශය කෙරේ.

ඊ‍ට අමතරව, චීන මාධ්‍ය සමූහයේ CCTV+ ජාත්‍යන්තර වීඩියෝ ප්‍රවෘත්ති ඒජන්සිය විසින් එම ප්‍රසංගය විදේශීය රූපවාහිනී මාධ්‍ය වෙත යොමු කෙරෙනු ඇත. ඇමරිකාවේ Chinese TV, San Francisco 26 TV, කැනඩාවේ xinflix Media, කැනඩාවේ Charming China IPTV, යුරෝපයේ Chinese TV, ජපානයේ NICONICO විඩියෝ අඩවිය,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ China-Arab TV යන විදේශීය මාධ්‍ය ආයතන,චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ Hong Kong TVB, සහ මැකෞ විශේෂ පරිපාලන කලාපයේ TDM ,මැකෞ Cable Television යන රූපවාහිනි ආයතන ඔස්සේ ද එම රාත්‍රී ප්‍රසංගය විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම