සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර
2022-09-10 16:41:24
Share with:

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 203ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව සහ ජපන් අරමුදල තීරණය කරයි.

ඒ අනුව ආහාර සුරක්‍ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය මෙරට ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේදී ඊයේ (09) සිදුකෙරුණු අතර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආසියානු සංවර්ධන බංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහත්වරු ඊට අත්සන් කළ බව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සවිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ආසියානු සංවර්ධන බැංකුව මඟින් ශ්‍රී ලංකාවට දීමට නියමිතව තිබෙන අතර, ජපාන අරමුදල මඟින් ඇමරිකානු ඩොලර් මිලියන තුනක පමණ මුදලක් දීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම