තුන්වන චාල්ස් රජු දිවුරුම් දෙයි
2022-09-10 16:36:52
Share with:

තුන්වන චාල්ස් රජු දිවුරුම් දෙයි.

බ්‍රිතාන්‍ය තුන්වන චාල්ස් රජු අද (10) ශාන්ත ජේම්ස් මාලිගයේදී බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස නිල වශයෙන් දිවුරුම් දුන්නේ ය. තුන්වන චාල්ස් රජුගේ වැඩිමහල් පුත් විලියම් කුමරු ද ඔහු සමඟ එම අවස්ථාවට එක්විය.

මේ අතර එලිසබෙත් මහ රැජින අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍යය ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහ රැජින ගේ අවසන් කටයුතු සිදු කෙරෙන රාජ්‍ය අවමංගල්‍ය දිනය අවසන් වන තෙක් රටම ශෝක කාලයකට පත් කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇත. මෙම කාලය තුළ, රාජකීය පවුලේ නිවාස, රජයේ ගොඩනැගිලි සහ හමුදා ආයතන වල ජාතික ධජය අඩකුඹු කෙරේ.

බකිංහැම් මාලිගාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රාජකීය පවුලේ සාමාජිකයින්, කාර්ය මණ්ඩලය රාජකීය ශෝක කාලයකට ප්‍රවේශවී සිටින අතර එය රාජ්‍ය අවමංගල්‍යයෙන් පසු හත්වන දින දක්වා පවතිනු ඇති බවයි.රාජ්‍ය අවමංගල්‍ය දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරේ.

ඊට අමතරව, තුන්වන චාල්ස් රජු ඊයේ(9) රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතීය. වසර ගණනාවක් පුරා රජ පවුලට සහ රට වෙනුවෙන් දෙවැනි එළිසබෙත් මහ රැජින කළ කැපවීමට ස්තුතිය පුද කරමින් දෙවැනි එළිසබෙත් රැජින තමාට සහ තම පවුලේ සැම අයෙකුටම ආදර්ශයක් බවත් තම මව ආදර්ශයට ගෙන සිය ජීවිත කාලය තුළ ජනතාවට සේවය කරන බවත් ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම