සැමවිටම ගුරු ගෞරවය ඉහළින් සලකන චීන ජනපති
2022-09-09 17:08:26
Share with:

තමන්‍ට ඉගැන්වූ ගුරුවරුන්ගේ මුහුණු තවමත් මතකයේ රැඳී පවතින අතර ඔවුන් තමන්ට දැනුම් හා මනා ගුණදම් ඉගැන්වූ බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය ගුරුවරුන් සිහිපත් කරමින් පැවසුවා. ගෙවි ගිය වසර දහය තුළ, ෂී ජින් පිං මහතා බොහෝ වාරයක් පාසල් හා විශ්ව විද්‍යාලවලට ගොස් ගුරුවරුන් සහ සිසුන් සමඟ අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා. ඔහුගේ මනසෙහි, අධ්‍යාපනයට සැමවිටම ඇත්තේ ප්‍රමුඛස්ථානයක්.

1965 වසරේ සැප්තැම්බරයේදී, Chen Qiuying ගුරුවරිය නව සිසුන් පිරිසක් පිළිගත්තා. ඒ කාලයේ 12 හැවිරිදි ෂී ජින් පිං එම පිරිස අතරින් කෙනෙක්. ෂී ජින් පිං කරුණාවන්ත, කඩිසර සහ කල්පනාකාරී පෞරුෂයකින් යුක්ත බව Chen Qiuying මහත්මියට ඒ කාලයේම අවබෝධ වුණා.

2016 සැප්තැම්බර් 9 වැනිදා එනම් ගුරු දිනයට පෙර දිනයේ, එවක ජනාධිපති ධූරයට පත්ව සිටි ෂී ජින් පිං මහතා සිය පැරණි පාසල වන බෙයිජිං Bayi පාසලට පැමිණියා. ඔහු Chen Qiuying මහත්මිය ඇතුළු ගුරුවරුන් හමුවුණා. ‘ඔබතුමා ජනතාවට සතුටුදායික ජීවිතය රැගෙන ආවා’ කියා එහිදී ගුරුවරයෙක් ෂී ජින් පිං මහතා වෙත පැවසුවා. ‘අපිව හදාවඩා ගත්තේ ගුරුවරුන් විසින්’යැයි ෂී ජින් පිං මහතාගේ පිළිතුර වුණා.

බෙයිජිං Bayi පාසලේ අධ්‍යාපනය නිමා කිරීමෙන් පසුව වුවද, ෂී ජින් පිං මහතා නිතරම එම පාසල හා ගුරුවරුන් සිහිපත් කළා. වෙනත් පළාත්වල සේවය කිරීමේදී, ඔහු බෙයිජිං වෙත යළි පැමිණි සෑම අවස්ථාවකම සිය ගුරුවරුන් හමු වෙන්න අමතක කළේ නැහැ. ගුරු වෘත්තිය සමාජයේ වඩාත්ම ගෞරවාන්විත වෘත්තිය බවට පත් කළ යුතු බවත්, සමාජය තුළ ගුරුවරුන්ට ගරු කිරීමේ යහපත් ගුණධර්ම ඇති කළ යුතු බවත් ෂී ජින් පිං මහතා ‍බොහෝ වතාවක් අවධාරණය කර තිබෙනවා.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම