මැද සරත් උත්සවයේ පුර සඳ යට, එක් එක් පවුල් එකමුතු වී සතුටින් කාලය ගත කරනවා. චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට අනුව නම්, පවුලක අනාගතය හා ඉරණම, රටේ හා ජාතියේ අනාගතය හා ඉරණම හා සමීපව බැඳී තිබෙනවා. ඒ නිසා පෞද්ගලික අභිලාෂය හා පවුලේ බලාපොරොත්තුව, රටේ හා ජාතියේ අපේක්ෂාව සමග සම්බන්ධ කර කටයුතු කළ යුතු බවටයි ඔහු අදහස් කරන්නේ. විශේෂයෙන් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් එම නිලධාරියා සතු බලය අයුතු ලෙස යොදා ගැනීම වළක්වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
‘චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් විශේෂයෙන් උසස් පෙළේ නිලධාරීන්, අපේ විශිෂ්ඨ සම්ප්‍රදාය උරුම කර ගෙන පුරෝගාමීන්ගේ ‘රතු පවුල් ජීවගුණය’ විදහා පෑම සිදු කළ යුතුයි. මෙහිදී විනයගරුකව හැසිරිය යුතු යැයි සිය දරුවන් ඇතුළු පවුලේ අයගෙන් ද ඉල්ලා සිටිය යුතුයි. නීති පිළි පදිමින් සරල ජීවිතයක් ගත කරමින්, ස්වයං උත්සාහයෙන් ජීවිතය දිනා ගන්නා ලෙස නිලධාරීන් ඔවුන්ට නිතර නිතර සිහිපත් කළ යුතුයි. වාසී ඉදිරියේ විනය අමතක වී නීතිවිරෝධීව කටයුතු කිරීම සම්මත විරෝධී දෙයක්. නිලධාරීන් අනිවාර්යයෙන්ම සමාජයට ආදර්ශයක් ලෙස හැසිරිය යුතුයි.’