චීන හා ඉරාන විදේශ ඇමතිවරුන් අතර දුරකථන සංවාදයක්
2022-09-09 10:00:31
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික  සහ විදේශ අමාත්‍ය වං යී මහතා ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි මහතා  සමඟ දුරකථන සංවාදයක නිරත‍ වෙයි.

ඊයේ (8) එම සංවාදය පැවතිණ.

චීන ඉරාන සබඳතා සංවර්ධනය වේගවත් වර්ධනයක් පෙන්නුම් කර ඇති බව වං යී මහතා පැවසීය. ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය ඉරානය සමඟ පවත්වන සබඳතා නොසැලී වර්ධනය කර ගන්නා බව වං යී මහතා අවධාරය කළේය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ක්‍රියාත්මක කිරීම නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවල නවතම ප්‍රගතිය පිළිබඳව අමීර් අබ්දුල්ලාහි මහතා එහිදී විස්තර කළ අතර චීනය ඒ සඳහා සහයෝගයට ස්තූතිය පුද කළේය.

ඉරානයේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය දෙන බව ද වං යී මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම