ග්‍රාමීය මට්ටමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කඩිනම් ජාතික වැඩසටහනක්
2022-09-09 18:36:51
Share with:

ග්‍රාමීය මට්ටමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ කඩිනම් ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ සඳහා ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමේ සිට සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගැනේ. විවිධ බාධක ගැන ප්‍රකාශ කරමින් නොසිට මෙරට ධනය ජාතියේ යහපත වෙනුවෙන් හා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකිමකි. රාජ්‍ය අංශය පමණක් නොව පෞද්ගලික සමුපකාර අංශ ඇතුළු ග්‍රාමීය මට්ටමේ සියලු පාර්ශ්ව මෙන්ම දේශපාලන අධිකාරියේ සහයෝගයෙන් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ග්‍රාම නිලධාරි වසම් ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර වශයෙන් කඩිනමින් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන සඳහා දිසාපතිවරුන් ඇතුළු අදාල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සමාරම්භක සාකච්ඡාවට සහභාගි වෙමිනි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම