චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5000ක ප්‍රදානයක්
2022-09-09 18:35:58
Share with:

තෝරාගත් පාසල්වල සිසුන් සඳහා  දිවා ආහාර ලබා දීමේ වැඩසටහනට චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5000ක්  ප්‍රදානය කෙරේ.

චීන රජය මගින් මෙම සහල් පරිත්‍යාගය සිදුකළේ චීන ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සලකුණක් ලෙසනි.  සහල් තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් ප්‍රදානය කිරීම ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග් මහතාගේ මූලිකත්වයෙන් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා වෙත එම සහල් තොගය භාරදීම සිදු විය. සිසුන් දසලක්ෂයකට ආසන්න පිරිසකට මේ යටතේ සෙත සැලසේ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම