එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ අගයන ඉන් ප්‍රතිලාභ ලැබූ රටවල වැසියන්
2022-09-08 20:37:57
Share with:

වසර 2013 සරත් ඍතුවේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉදිරිපත් කළා. ගෙවී ගිය වසර නවය තුළ, ඒ වැඩපිළිවෙළට අදාළ රටවල් සිය සංවර්ධන ක්‍රියාමාර්ග එම වැඩපිළිවෙළට සම්බන්ධ කර සංවර්ධනය කිරීමෙන් ජයග්‍රහණ රැසක් දිනා ගත්තා. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, ජනප්‍රිය ජාත්‍යන්තර පොදු නිෂ්පාදිතයක් බවට පත් ව තිබෙනවා. එම රටවල ආර්ථික හා සාමාජීය සංවර්ධනයට එය රුකුලක් වී ඇති අතර එහි ජනතාවන්ටත් සුබසෙත නිර්මාණය කර තිබෙනවා.

සර්බියානු ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික පර්යේෂණ ආයතනයේ උප ප්‍රධානි  Ivona Ladjevac මහත්මිය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. පොදු සාකච්ඡාව, පොදු සංවර්ධනය හා පොදුවේ බෙදා ගැනීමේ මූලධර්මයෙන් චීනය එම වැඩපිළිවෙළ ඉදිරියට මෙහෙයවන්නේ කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරව බව ඇය සඳහන් කළා. එහිදී විවිධ රටවල් සමානත්ව හවුල්කරුවන් ලෙස සැලකෙන අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභ දිනා ගන්නා සහයෝගතාවන් සිදු කෙරෙ‍නවා. එක් තීරයක් එක් මාවතක්, ප්‍රායෝගික, විවෘත හා කාලානුපරූපී වැඩපිළිවෙළක් බව Ivona Ladjevac මහත්මිය සඳහන් කළා.

Stephen Ndegwa මහතා කෙන්යාවේ දකුණු දකුණු සහයෝගතා බුද්ධි මණ්ඩලයේ ප්‍රධානියායි. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ තම රටට ගෙන දුන් දියුණු පිළිබඳව ඔහු විස්තර කළා. චීනයේ සහාය ඇතිව කෙන්යාවේ බොහෝ මාර්ග, විදුලි බලාගාර හා සන්නිවේදන පහසුකම් ඉදි කර ඇති බවයි ඔහු පවසන්නේ. ප්‍රවීණයින් බිහිකිරීම් හා තාක්ෂණ පවරාදීම ද පුළුල් වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කාර්මිකකරණය, නගරීකරණය, නවීකරණය යනාදිය අතින් කෙන්යාව තිරසර ප්‍රගතීන් දිනා ගෙන තිබෙනවා. සමස්ත අප්‍රිකාව දෙස බලන විට, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ,  මිනිස් හා භාණ්ඩ චලනයන් පමණක් නොව, මුළු කලාපයේ අන්‍යෝන්‍ය ආර්ථික, වෙළඳ බැඳීම් ද ප්‍රවර්ධනය කර තිබෙන බව Stephen Ndegwa මහතා කියා සිටියා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම