"නිදි ගත් වනාන්තරය", වටිනා "හරිතමය බැංකුවක්" බවට පත්වූයේ කෙසේ ද?
2022-09-08 17:24:37
Share with:

ගිනිකොනදිග චීනයේ මුහුදු වෙරළ ආසන්න ප්‍රදේශයේ පිහිටි ෆුජියන් පළාත වනාන්තර සම්පතින් පොහොසත් ප්‍රදේශයක්. එහෙත් දිගු කාලීනව සාමූහික වත්කම් ලෙස පැවතුණු වනාන්තරවල අයිතිවාසිකම් පැහැදිලි නොවීම නිසා අයුතු ලෙස වනාන්තර කැපීම, නිරන්තරව දැකිය හැකි දෙයක් වුණා. කඳුකර‍ය හා වනාන්තරය සම්පත් බවට පත්කරන්නේ කෙසේද යන්න එවක ෆුජියන් පළාත් ප්‍රධානි ෂී ජින්පිං මහතා වැඩියෙන් අවධානය යොමු කළ කරුණක් වුණා. 

වන කර්මාන්ත පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා, වන රෝපණය කරන අයට වනාන්තර අයිතිවාසිකම් ලැබෙන අතර ඉන් ප්‍රතිලාභ හිමිකර ගත යුතු බවට හෙතෙම උපදෙස් දුන්නා. එම ප්‍රතිපත්තිය දිගු කාලීනව වෙනස් නොකරන අතර වනාන්තර අයිතිවාසිකම් පවරා දිය හැකි යැයි ද නියම කර තිබෙනවා.   

එම ප්‍රතිපත්තිය ඒ කාලයේ නම් අලුත් සංකල්පයක්. 2001 වසරේ ෆුජියන් පළාතේ Wuping කෝරළය, වනාන්තර අයිතිවාසිකම් ප්‍රතිසංස්කරණයේ අත්හදා බැලීමේ කෝරළයක් ලෙස නියම කෙරුණා.  

එහෙත් එම ප්‍රතිසංස්කරණය විවිධ අසීරුතාවන්ට මුහුණ දුන්නා. 2002 වසරේ ජූනි මස 20 වනදා ෂී ජින්පිං මහතා Wuping කෝරළයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කළා. ඔහු ග්‍රාමීය ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ආදායම් තත්ත්වය හා අදාල ගැටළු සැලකිලිමත්ව විමසුවා. වසර ගණනාවක් තිස්සේ කඳුකරයෙන් සහ වනාන්තරවලින් ගොවීන්ට ප්‍රතිලාභයක් නොලැබීමට හේතුවී ඇත්තේ, අපැහැදිලි අයිතිවාසිකම්, අදාල කළමනාකරණ ආයතනය නියම නොකිරීම සහ අසාධාරණ ලෙස ප්‍රතිලාභ බෙදා හැරීම බව ඔහු විග්‍රහ කළා. වන කර්මාන්ත ප්‍රතිසංස්කරණයෙන් විසඳිය යුතු මූලික ප්‍රශ්නය අයිතිවාසිකම් ප්‍රශ්නය බව ඔහු පෙන්වා දුන්නා.

Wuping කෝරළයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාව, ෂී ජින්පිං මහතාට පූර්ණ විශ්වාසයක් ලබා දුන්නා. ඔහු පැහැදිලිව පෙන්වා දුන්නේ "සාමූහික වනාන්තර පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණය, පාරිතෝෂික දීමනාවක් සහිත ගෘහස්ථ කොන්ත්‍රාත් ක්‍රමය හා සමාන විධියට ක්‍රියාත්මක කළ යුතු"‍ බවයි.

එම වනාන්තර අයිතිවාසිකම් ප්‍රතිසංස්කරණය ආරම්භ කර වසර 15 කට පසු ෆුජියන් පළාතේ වනාන්තර හා එහි ගැමියන් ගේ විශාල වෙනස්කම් සිදු වුණා. 2017 වසරේ Wuping කෝරළය"චීනයේ ස්වභාවික ඔක්සිජන් තීරුව" ලෙස නම් කෙරුණා. වසරේ සෑම දිනකම පාහේ එහි ඔක්සිජන් තත්ත්වය විශිෂ්ට මට්ටමට ළඟා වනවා. වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 17ත් 19 ත් අතර වෙනවා. වන ආවරණ අනුපාතය සියයට 80% ට ආසන්න වෙනවා.

Jiewen ගම්මාන වැසියෝ වනාන්තරය තුළ විශේෂ කෘෂි නිෂ්පාදිත වගා මුලස්ථාන 6ක් ස්ථාපිත කළා. ගස් නොකපා  ආදායම් වැඩිකර ගැනීමට එමගින් ඔවුන්ට හැකි වී තිබෙනවා. එම කෝරළයේ ග්‍රාමීය පවුල් 30000ක් පමණ කෘෂිකාර්මික සහයෝගිතා ප්‍රජාවට එක්ව තිබෙනවා. වනාන්තර ආර්ථීක බෝග වගාව මගින් චීන යුආන් බිලියන 2.7ක නිෂ්පාදන වටිනාකමක් ඉටු කෙරුණා. 

ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් ෆුජියන් පළාතේ ක්‍රියාත්මක කෙරුණු වනාන්තර අයිතිවාසිකම් ප්‍රතිසංස්කරණය මගින් ජයග්‍රහණ රැසක් දිනා ගෙන තිබෙනවා. කඳුකර අයිතිවාසිකම් නියම කෙරුණා. වන කැපීම අවම වුණා. ජනතාවගේ විශ්වාසයත් දිනා ‍ගැනුණා. එහි "නිදි ගත් වනාන්තරය", වටිනා "හරිතමය බැංකුවක්" බවට පත්ව තිබෙන බව කිව හැකියි. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම