ලබන වසරේ අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට අදාළ මාර්ගෝපදේශ නිකුත් කෙරේ
2022-09-08 16:15:45
Share with:

ලබන වසරට අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. 

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට ඒ සම්බන්ධයෙන් වන ජාතික අයවැය චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කර තිබේ. 

ඒ අනුව 2023 – 2025 මැදිකාලීන අයවැය රාමුවට අනුකූලව 2023 වාර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ලබාදීම එම චක්‍රලේඛයේ අරමුණ වී තිබේ.

මෙහිදී ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන දැඩිව අනුගමනය කළ යුතු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම