වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 300 ක්
2022-09-08 16:20:58
Share with:

වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 300 ක් මේ සතිය තුළදී ලබා දෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 250 ක මුදලක් පසුගිය සතියේ ලබාදී තිබේ.

හෙක්ටාර පන්ලක්ෂ 12 දහසක වී වගා කර ඇත. එම වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 2 ක මුදලක් අවශ්‍ය වෙයි. එම මුදල රාජ්‍ය බැංකු 2 කින් ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී  පැවසීය. 

හෙක්ටාර ලක්ෂයකට වැඩි භූමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කෙරේ. මේ වනවිට බඩ ඉරිඟු වගාවේ පසුබෑමක් දක්නට ලැබේ. ඒ හේතුවෙන් බිත්තර හා කුකුළු මස් මිල ඉහල ගොස් ඇත. එබැවින් බඩ ඉරිඟු වගාවට ප්‍රමුඛතාව ලබා දෙන බව ඇමතිවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම