දේශසීමා නොමැති වායු දූෂණය පිටුදැකීමට එක්වන්නැයි ජගත් මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්
2022-09-08 10:27:26
Share with:

වායු දූෂණය වැළැක්වීමට එක්ව කටයුතු කරන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පිරිසිදු වාතය සහ නිල් අහස සඳහා වන තුන්වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ඊයේ(7) වීඩියෝ ආකාරයෙන් පැවැත්වූ දේශනයක දී මේ අදහස් පළකළේය.

පිරිසිදු වාතය, ස්ථාවර දේශගුණය සහ සෞඛ්‍ය සම්පන්න දිවිපැවැත්ම මානව හිමිකම් වන අතර, වර්තමානයේ පෘථිවිවාසී මිනිසුන්ගෙන් 99% ක් අපිරිසිදු වාතයෙන් පීඩාවිඳින බව හෙතෙම පෙන්වා දුන්නේය. පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කොට, වායු දූෂණය අධීක්ෂණය කරමින් නිසි පියවර ගන්නා ලෙස ද ඇන්තෝනියෝ ගුටරෙස් මහතා ඉල්ලා සිටී. වායු දූෂණයට දේශසීමා නොමැති හෙයින් එය වැළැක්වීමට හා පාලනය කිරීමට සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සැප්තැම්බර් 7 වැනිදා,  පිරිසිදු වාතය සහ නිල් අහස සඳහා වන ජාත්‍යන්තර දිනය ලෙස නම් කරනු ලැබුවේ 2019 වසරේ දීය. පිරිසිදු වාතයේ වැදගත්කම සහ මිනිස් සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා වායුගෝලයේ ගුණාත්මකභාවය නැංවීම උදෙසා ක්‍රියාකිරීමේ හදිසි අවශ්‍යතාව එහිදී පෙන්වාදෙනු ලැබිණ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම