චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව කළ ප්‍රකාශයට චීනයේ දැඩි විරෝධය
2022-09-07 18:51:09
Share with:

චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව කළ ප්‍රකාශය  කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (7) පැවති මාධ්‍ය හමුවේදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූවාය.ඇමරිකාව එකම චීනයේ මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩි ලෙස අනුගමනය කළ යුතු බවත් "තායිවාන ප්‍රශ්නය ප්‍රයෝජනයට ගනිමින් චීනයට බාධා කිරීම " වහාම නතර කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශකයා පසුගිය දා පැවසුවේ ඇමරිකාව තායිවාන ප්‍රදේශයට නවීන ආයුධ අලෙවි කිරීම, ආරක්ෂක අරමුණු සඳහා වන අතර චීනය ඊට ප්‍රතිචාර දැක්වීමට හේතුවක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය ප්‍රකාශ කළේ තායිවාන ප්‍රදේශය චීනයේ පළාතක් වන අතර එය "ආරක්ෂක" කරුණක් ලෙසින් හඳුන්වන්නේ කෙසේ ද යන්නයි. තායිවාන ප්‍රදේශයට ආයුධ අලෙවි කරන ඇමරිකාව, චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුනෙහි දේශපාලන ප්‍රතිඥා උල්ලංඝනය කරමින් "තායිවාන ස්වාධීනත්වයට" ද සහාය වී තිබේ. තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ නොසන්සුන්භාවය‍ට එය හේතුවන බවද ඇය සඳහන් කළාය.

සිය ස්වාධිපත්‍යය හා ආරක්ෂාවට හානි කිරීමේ හා අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ ක්‍රියාවන්ට එරෙහිව චීනය දැඩි ලෙස ප්‍රතිචාර දක්වනු ඇතැයි ද  Mao Ning මහත්මිය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම