ඇමරිකාව පසුපස හඹා ගොස් අතරමං වී ඇති යුරෝපය
2022-09-07 20:19:03
Share with:

 

වර්තමානයේ ස්වාභාවික ගෑස් හිඟවීමේ තත්ත්වයෙන් යුරෝපීය රටවල් ආතතියකට ගොදුරු වෙමින් සිටී. ස්වාභාවික ගෑස් මිල වේගයෙන් ඉහල යාම, යුරෝ කලාපයේ උද්ධමනය උග්‍ර වීමට ද හේතු වී තිබේ. ජන ජීවිතයේ සිට, කර්මාන්ත නිෂ්පාදනය දක්වා, යුරෝපීය ජාතිකයින් තිත්ත රසැති  අසීරුතාවන්ට ලක්ව තබේ.

යුරෝපය දැනට අත්විඳින මෙම ‘බලශක්ති ‍වේදනාව’, ඔවුන්ගේ ඇටමිඳුළුවලට ම පවා දැනෙන සේය. එහෙත් යුරෝපීය ජාතිකයින්ගේ සන්ධාන මිත්‍රයා දැනට සිදු කර ඇත්තේ, දෙඅත් බැඳගෙන බලා සිටීම පමණක් බව පෙනේ. ශක්තිප්‍රභව ද්‍රව්‍ය අපනයනය වැඩි නොකර සිය රටේ ගබඩාව පුළුල් කිරීමට අවධානය යොමු කරන ලෙස ඇමරිකානු  බලශක්ති ලේකම් Jennifer Granholm පසුගියදා රටේ ප්‍රධාන බලශක්ති සමාගම් කිහිපයකට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

‍එහෙත්, මුළු ‍යුරෝපය බරපතල බලශක්ති අර්බුදකාරී තත්ත්වයට ගොදුරුවීම, යුරෝපය ඇමරිකාව පිටුපස හඹා යමින් රුසියාවට සම්බාධක පැණවීමේ ප්‍රතිඵලයක් බව ලෝක වාසීන් දන්නා කරුණකි. ඇමරිකාව ලුහුබැඳී සිටින තමන්ට සෑම විටම අත්වී ඇත්තේ අවාසී පමණක් බව යුරෝපා ජාතිකයින්ට යළි වරක්  වැටහී ඇත්තේ ඔවුන් දැනට මුහුණ පා ඇති අසීරුතාව තුළින්ය.

LNG ද්‍රවවායු රැගත්, යුරෝපය කරා ගිය සෑම ඇමරිකානු නැවකටම ඇ.ඩො. දස කෝටියක වාසී ලැබිය හැකි යැයි ඇමරිකානු වාණිජ තොරතුරු වෙබ් අඩවියක් හෙළි කර ඇත. ගැලවුම්කාරයෙකු සේ රඟ පෑමට පුරුදු ව සිටින ඇමරිකාව, යුරෝපීය රටවලට ස්වාභාවික ගෑස් අලෙවියෙන් විශාල ප්‍රතිලාභ නතු කර ගත් බව යුරෝපීය විචාරකයෝ පෙන්වා දෙති. එහෙත්, මධ්‍යකාලීන මැතිවරණය ළඟාවීමත් සමගම, තම රටේ උද්ධමනය ලිහිල් කිරීමටත් ජනමතය දිනා ගැනීමටත් ඇමරිකානු රජය බලශක්ති අපනයනය සීමා කිරීමට තීරණය කළේය. යුරෝපීය මිත්‍රයින්ගේ අදහස් හා අවශ්‍යතාවන් ඇමරිකාව මායිම් නොකරන බව ඉන් පෙනීයයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම