රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලට සහ එහි නිලධාරීන්ට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර චීනය දැඩි ලෙස හෙළා දකී
2022-09-06 18:47:19
Share with:

රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලට සහ එහි නිලධාරීන්ට එල්ල වන ත්‍රස්ත ප්‍රහාර චීනය දැඩි ලෙස හෙළා දකී.

ඊයේ (5) ඇෆ්ගනිස්ථානයේ රුසියානු තානාපති කාර්යාලයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මේ බව පැවසුවාය. එම ප්‍රහාරයේදී මිය ගිය තානාපති කාර්යාල නිලධාරීන් හා වැසියන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට අවංක ශෝකය පළ කරන අතර, තුවාල ලැබූවන්ට ඉක්මණ් සුවය පතන බව ද ඇය පැවසුවාය. ඇෆ්ගනිස්ථාන‍ය ඵලදායී පියවර ගෙන එරට විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවල නිලධාරීන්ගේ ආරක්ෂාව සහතික කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වෙයි. ජාත්‍යන්තර ප්‍රජාව එක්ව ඇෆ්ගනිස්ථාන‍යේ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට දායක විය යුතු බව ද ඇය පෙන්වා දුන්නාය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම