ජයග්‍රහණ රැසක් සමග නිමාව දුටු චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය
2022-09-06 21:08:42
Share with:

2022 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ඊයේ (5) සාර්ථකව අවසන් විය. "අනාගතවාදී" තාක්ෂණික ලක්ෂණ‍ සහිත එම ප්‍රදර්ශනය නරඹන්නන්ට කදිම මතකයන් ඉතිරි කර තිබේ.එමෙන්ම එය ගෝලීය ව්‍යවසායන් වෙත නැවුම් ව්‍යාපාරික අවස්ථා ගෙන ඒම සුවිශේෂීය.ලෝකයේ ප්‍රමුඛතම සමාගම් 500 සහ කර්මාන්ත අංශයේ ප්‍රමුඛ පෙළේ සමාගම් 507ක් දින 6ක් පුරා පැවති මෙම වසරේ සේවා වෙළඳ ප්‍රදර්ශනයට සහභාගී විය.

මූලික සංඛ්‍යා ලේඛනවලට අනුව, මෙවර සේවා වෙළඳ ප්‍රදර්ශනයේ දී ප්‍රථම වරට එළිදැක්වූ නවෝත්පාදන ජයග්‍රහණ 173ක් ඇතුළු විවිධ වර්ගවල ජයග්‍රහණ 1,339ක් පිළිබිඹු කෙරිණ. "නවෝත්පාදනය" සේවා වෙළඳාම තුළ දිනෙන් දින ඉහළ යන වැදගත්කම  ඉන් දැකගත හැකිය.

තාක්‍ෂණික නවෝත්පාදනයේ වඩාත් ක්‍රියාකාරී අංශයක් ලෙස ඩිජිටල් ආර්ථිකය ගෝලීය ආර්ථික වර්ධනයේ නව එන්ජිමක් බවට පත්ව ඇත.චීනයේ ඩිජිටල් ආර්ථික කර්මාන්තයේ පරිමාණය වසර ගණනාවක් අඛණ්ඩව ලෝකයේ දෙවන ස්ථානයේ පවතී.එය ගෝලීය ආර්ථිකයට සහ ව්‍යවසායන්ට සංවර්ධනයේ අත්‍යවශ්‍ය ශක්තිය ලබාදී ඇත.චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය කැපී පෙනෙන අභිප්‍රේරණයක් ලෙසට හැඳින්විය හැකිය.

ගෝලීයකරණය බාධාවට ලක්වීම සහ කලාපීය ගැටුම් නිරන්තරව සිදුවීම හමුවේ වුවද චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට වඩා වැඩි ‘මිතුරන්’ හා ‘සහයෝගතා හවුල්කරුවන්’ ආකර්ෂණය කර ගැනීමට හැකි වී තිබේ. ඊට හේතුවක් වනුයේ, චීන වෙළඳපොලේ ශක්තිමත් ආකර්ෂණය ය. එපමණක් නොව, එම ප්‍රදර්ශනය, චීනය විවෘතභාවය හා සහයෝගීතාව පුළුල් කිරීම සහ නවෝත්පාදනය මෙහෙයවීමේ වැදගත් කවුළුවක් බවට පත් වීම ද කැපී පෙනෙන සාධක වේ. එමගින් ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමේ චීනයේ අධිෂ්ඨානය ද පිළිබිඹු කෙරේ. වත්මන් ලෝකයට අත්‍යවශ්‍ය වී ඇත්තේ මෙවැනි ආදර්ශයන් ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම