2022 යල කන්නය සඳහා යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු සාර්ථකව අවසන්
2022-09-05 15:25:26
Share with:

2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.

යල කන්නයේ වැඩිම කුඹුරු ප්‍රමාණයක් උතුරු මැද පළාතේ වගා කර තිබිණ. ඒ අනුව එම පළාතට වැඩිම යුරියා පොහොර ප්‍රමාණය වශයෙන් මෙට්‍රික් ටොන් 9623ක් බෙදා හැර තිබේ.

යුරියා පොහොර බෙදාහැරීම ආරම්භ වනවිටත් දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල අස්වනු නෙලීම ආරම්භ වී තිබූ අතර තවත් දිස්ත්‍රික්ක ගණනාවක අස්වනු නෙලීමට ආසන්න මට්ටමක පැවතිණ. එමනිසා එම කුඹුරුවලට යුරියා පොහොර අවශ්‍යතාවක් මතු නොවූ බව ද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම