7 වන නැගෙනහිර ආර්ථික සංසදය රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේදී ඇරඹේ
2022-09-05 10:05:54
Share with:

7 වන නැගෙනහිර ආර්ථික සංසදය අද (5) පෙරවරුවේ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේදී ආරම්භ විය. රටවල් සහ කලාප 60කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ මෙම සංසදයට සහභාගි වී සිටිති.

මෙවර සංසදයේ තේමාව "බහු ධ්‍රැව ලෝකයක් කරා" යන්න යි. එය නව ආර්ථික ආකෘතියකට මඟ පෙන්වන ගෝලීය පරිවර්තන ක්‍රියාවලිය පිළිබිඹු කිරීම සහ සියලුම පාර්ශවකරුවන් අතර සංවාදයට වේදිකාවක් සැපයීම අරමුණු කරයි.

2015 වසරේ මැයි මාසයේ 19වැනිදා, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා වාර්ෂික නැගෙනහිර ආර්ථික සංසදය ව්ලැඩිවොස්ටොක් නගරයේ පැවැත්වීමට තීරණය කළේ ය. රුසියාවේ ඈත පෙරදිග කලාපයේ ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ආසියා-පැසිෆික් කලාපයේ ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම එම සංසදයේ අරමුණුය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම