ලොව විශාලතම අන්තර්ජාල "හැකර්කරු" ඇමරිකාවයි
2022-09-05 21:42:22
Share with:

ලොව විශාලතම අන්තර්ජාල "හැකර්කරු” කවුද? අද (5) චීනයේ ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ 360 සමාගම  චීන වයඹ බහු තාක්ෂණික විශ්ව විද්‍යාලයට එල්ලවූ විදේශ සයිබර් ප්‍රහාරය පිළිබඳව  නිකුත් කළ විමර්ශන වාර්තාවෙන් ඊට අදාළ පිලිතුර සොයා ගත හැකිය.  

ඇමරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ විශේෂ ආක්‍රමණ මෙහෙයුම් කාර්යාලය (TAO) අන්තර්ජාල ප්‍රහාරක අවි 41ක් භාවිත කර චීන වයඹ බහු තාක්ෂණික විශ්ව විද්‍යාලයට ප්‍රහාර දහස් ගණනක් එල්ල කරමින් මූලික තාක්ෂණික දත්ත සමූහයක් සොරකම් කර ඇති බව එම විමර්ශන වාර්තාවෙන් හෙළි වෙයි. වසර ගණනාවක් පුරා, බොහෝ චීනයේ ව්‍යවසායන්, රාජ්‍ය අංශ, විශ්ව විද්‍යාල, වෛද්‍ය ‍සේවා ආයතන, විද්‍යාත්මක පර්යේෂණ ආයතන යනාදිය වෙත ඇමරිකාව රහසිගතව සයිබර් ප්‍රහාර එල්ල කර දත්ත සොරකම් කර ඇත. TAO විසින් චීනයේ ජංගම දුරකථන භාවිත කරන්නන් ගේ පණිවිඩ හා ස්ථානීය දත්ත සොරකම් කිරීම ද සිදු කර ඇත.

2013 වසරේ සිට, ඇමරිකානු රජය සයිබර් ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් චීනයට මඩ ගැසීම ආරම්භ කළේය. එහෙත්, ඇමරිකාවේ හිටපු ආරක්ෂක කොන්ත්‍රාත් සේවකයෙකු වන Edward Snowden එරට රජය  දේශීය හා විදේශීය දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදනයන් අධීක්ෂණය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කර ඇත. 2020 දී  චීනය, ද්වේෂසහගත පරිගණක වැඩසටහන් සාම්පල මිලියන 42කට වඩා සංඛ්‍යාවක් හඳුනා ගත් අතර, එතෙර සාම්පලවලින් 53%ක් ඇමරිකාවේ සාම්පල බව සනාථ විය. චීනය, ඇමරිකාවේ සයිබර් සොරකමේ බරපතලම ගොදුරක් බව ඉන් දැක ගත හැකිය. 

චීනයට එරෙහිව පමණක් නොව, ඇමරිකාවේ සයිබර් ප්‍රහාරයන් එරටේ හවුල්කාරී රටවල් ඇතුළු සමස්ත ලෝකයටම විහිදේ. 

ඇමරිකාව සැබෑ “හැකර් අධිරාජ්‍යය” බවට බොහෝ සාක්ෂි තිබේ. එම විමර්ශන වාර්තාවෙන් තවත් පෙන්නුම් කෙරෙන්නේ  සයිබර් ප්‍රහාර සක්‍රීයව වැළැක්වීමේ චීනයේ අධිෂ්ඨානයයි. සියලුම රටවල් ඇමරිකාවේ සයිබර් ආධිපත්‍යයට අධිෂ්ඨානශීලීව ප්‍රතිරෝධය දැක්වීමට ක්‍රියා කළ යුතුය.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම